තුරු සෙනඟ සහ තණ පඳුර (ආරියවංශ රණවීර) නිසඳැස් කාව්‍ය මෙසේ රසාස්වාදය කරමු.
කොළඹ යුගයේ දෙවන තරංගය නියෝජනය කරන විශිෂ්ට වූ නිසඳැස් කවියෙකු ලෙස ආරියවංශ රණවීරයන් අපට හැඳින්විය හැකිය. ජපන් හයිකු කාව්‍ය ආභාෂයෙන් පද්‍ය රචනා කරන ලද ආරියවංශයන් ඔහුගේ නිර්මාණයන් සඳහා වස්තු විෂයයන් ලෙස පාදක කරගනු ලබනුයේ ප්‍රේමය, පාළුව, තනිකම, කළකිරීම වැනි පුද්ගල මනෝභාවයන් සහ සමාජ අසාධාරණය, පරිසරය හා සංකීර්ණ සමාජ යථාර්ථය හා බැඳුනු අත්දැකීම් සමූදායයි.
ආරියවංශ රණවීරයන්ගේ මුල්ම නිර්මාණය වූයේ "කවි කිහිපයක්" යන පද්‍ය කෘතියයි. තවද ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ, ඉමක් හා මලක්, අතු ඉති හා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලත් "දොළොස් රළ" යන නිර්මාණයන් ද ඔහු විසින් රචනා කරන ලදී. උසස් පෙළට නියමිතව පවතින තුරු සෙනඟ සහ තණ පඳුර නම් පද්‍ය පන්තිය ආරියවංශ රණවීරයන්ගේ පද්‍ය නිර්මාණයන් අතර තවත් එක් වඩාත් කතාබහට ලක් වූ නිර්මාණයකි.
නිසඳැස් ආකෘතිය යොදා ගනිමින් ස්වභාවික පරිසරයෙහි ඇති වස්තූන් දෙකක් සංසන්දනය කරමින් අපූරු කාව්‍යමය අත්දැකීමක් පාඨකයා වෙත ළගා කරමින් "තුරු සෙනඟ සහ තණ පඳුර" ඔහු විසින් නිර්මාණය කරන ලදී. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිවයන මෙම පද්‍ය පන්තිය කවියාගේ දෘෂ්ටියට අනුව නිර්මිතය. මෙහිදී ආරියවංශයන් පරිකල්පනාත්මක දෘෂ්ටියකින් බලා අධ්‍යනය කර මනසින් දැක අජීවී වස්තූන් දෙකක් තුළින් සොබාවික සමාජය ගැඹුරින් විවරණය කරයි.
පැහැදිළි ලෙසම කවියා ස්වාභාවික වස්තූන් දෙකක් පාදක කර ගනිමින් මානව සමාජය සංකේතාත්මකව ගෙනහැර දක්වනු ලබයි. එනම් පන්ති විෂමතාවයේ යථාර්ථය විවර කරයි. පරිසරයේ ඉහළට වැඩෙන තුරු ලතා මගින් මෙහිදී සමාජයේ ඉහළින් වැජඹෙන ධනපති පන්තිය සංකේතවත් කර ඇත. මෙහි තණ පඳුර මගින් සංකේතවත් කරනුයේ සමාජයේ තැලී පොඩි වී පරපීඩනයන්ට පත් වන සමාජයේ පහළ ස්ථරයයි. එනම් පීඩිත පන්තියයි.
කවියා ස්වකීය පැදි පෙළ ආරම්භ කරන්නේ කාලාන්තරයක් තුළ සොබාදහමේ හැදී වැඩෙන තණ පඳුරක් හා තුරු ලතා වල ස්වරූපය සහෘද මනසෙහි අපූර්වාකාරයෙන් චිත්තරූප මවමිනි.
මතුවෙමි
බිම් ගැබින්
දුබල
නොගැඹුරු
මුල්
මතින් ”
” තුරු
බොහෝ
උස් ය
මට
වඩා “
කවියා මෙහිදී අජීවී වස්තූන්ට සජීවී බවක් ආරෝපණය කිරීම නිසා සහෘද අවධානය වඩාත් යොමු වෙයි. එය මානව සමාජය සිහිගන්වයි. තණ පඳුරට වඩා තුරුලතා මහපොළොවේ උසින් පිහිටා ඇත. එය සොබා දහමේ නිමැවුමකි. කවියා මෙහි පවතින තුරු ලතා මගින් සංකේතාත්මකව ගෙන හැර දක්වන්නේ සමාජයේ ඉහළින්ම වැජඹෙන ධනපති පන්තියයි. ඔවුන් සමාජයේ වරප්‍රසාද සුව විඳිමින් ජීවිතය ගත කරයි.
කිසිදු වරප්‍රසාදයක් නොමැතිව පීඩිතව වෙසෙන පීඩිත සමාජ පන්තිය තණ පඳුර මගින් සංකේතවත් කරයි. මෙහිදී වඩාත් හුරු පුරුදු සංකේත දෙකක් භාවිතා කිරීම නිසා කවියාගේ සිතුවිලි පහසුවෙන් සහෘදයා වෙත සමීප කරවීමට සමත් කම් පා ඇති බව කිව යුතුය.
මුල් ඇතිව
වැඩී උස්ව
හිද
දකිති බොහෝ දුර
විදිති
සුළං සුව”
කවියා අනතුරුව ගෙනහැර දක්වන්නේ තණ පඳුරට වඩා උස්ව වැඩෙන තුරු ලතාවල සැබැ යථාර්ථයයි. එය සහෘදයා අභිමුව ප්‍රතිරූපනය කරනුයේ රූපකාර්ථවත් බස්වහරක් මෙන්ම සංකේතාත්මක අවස්ථා යොදා ගනිමින්ය. ගැඹුරු මුල් ඇතිව උස්ව හිද යන පදයෙන් කවියා ප්‍රතිනිර්මාණය කරනුයේ උසස් යයි සම්මත ප්‍රභූ සමාජ පන්තියේ ස්වරූපයයි. කවියා පන්ති විෂමතාවේ සැබෑ යථාර්ථය පෙන්නුම් කරයි.
"විදිති සුළං සුව" යන රූපකාර්ථවත් බස් වහරෙන් සංකේතවත් කරනුයේ ඉහළ ධනපති පන්තියේ නිස්සාර හා නිෂ්ක්‍රිය ජීවිත ස්වරූපයයි. කවියා මේලෙස ගෙනහැර දක්වන තවත් සංකේතාත්මක අවස්ථාවක් ලෙස "කැපෙති අනතුරුව වැටෙති" යන්න දැක්විය හැකිය. ඉහළ ධනපති යැයි සමාජයේ සම්මත මිනිස්සුන්ගේ ජීවිතවල යථා ස්වරූපය මෙයින් ගම්‍යමාන වෙයි.
ඔවුහු කොතෙක් සුවපහසු ජීවිත ගත කළ ද ඔවුන්ගේ ජීවිත එක් වරම කඩා වැටීම සුලබව සිදුවෙයි. එසේ වැටුනා වූ රූස්ස ගසකට නැවත පන දීම කල නොහැක්කාක් සේ පොළොවට සමතලා වූ ධනපතියාට නැවත නැගී සිටීම ඉතා දුෂ්කරය. ඉහළ ධනපති පන්තික සමාජ ස්ථරය එසේ වූවද පහළ පීඩිත පන්තිය එසේ නොවෙති. අනතුරුව කවියා ගෙන හැර දක්වන මෙම අවස්ථාව මගින් එය විෂද කෙරේ.
ගෝ කුරෙන
ඉලෙමි
හොඹුවලින
ගව මහිස “
” වැඩෙමි
යළි සරුවට
වදමි
දරු පිරිස
වසමි
එක පැහැර
හාත්පස ”
"මැඩෙමි" යන කාව්‍යෝක්තිය මගින් ප්‍රති නිර්මාණය කරනුයේ පහළ නිර්ධන සමාජ පන්තියේ අව්‍යාජ ස්වරූපයයි. ඔවුන් නිසැකවම දුක් කම්කටොළු මැද සමාජය තුළ තැලී පොඩිව ජීවත් වන බව සිහිගන්වයි. "ගෝ කුරෙන ඉලෙමි" යන අවස්ථාව මගින් තණ පඳුර උලා කන ගවයන්ගෙන් තණ පඳුරට සිදුවන හානි හිංසා පීඩන සිහිගන්වයි.
ඊළඟ පිටුවට ..
මෙහි click කල විට ad පැමිණේ නම් නැවත click කරන්න. Ad කිහිපයක් open වූ පසු ඊළඟ පිටුවට පිවිසිය හැකිය.
තැලී පොඩිව පීඩාවට පත්ව සිටින පීඩිත පන්තියේ සැබෑම යථාර්ථය මෙය වේ. ඉහළ ධනපතියන් සැප සම්පත්වලින් ආඪ්‍යව ජීවිතය ගත කරන අතර නිර්ධන පන්තිකයන් ධනපතියන්ගේ පයට පෑගෙමින් දුක්ගැහැට විඳිමින් දිවිගෙවයි. කොතෙක් බාධා දුක් කම්කටොළු පැමිණිය ද විවිධ සමාජයේ පහර කෑම් වලට ලක් වුව ද නිර්දන පීඩිත පන්තිය ඉන් නොවැටී උත්සාහයෙන් ඉදිරියටම යයි. "වැඩෙමි යළි සරුවට වදමි දරු පිරිස වසමි එක පැහැර හාත්පස ” මෙම පද්‍ය කොටසෙන් ඉහත කී දෙය පැහැදිලි වේ.
කොතරම් දුරට සමාජයේ පහළට වැටුණ ද ආයෙමත් ඔවුන් නැගී සිටීමේ ශක්තිය ඔවුන් තුළ පවතී. එය තැලෙමින් පොඩිවෙමින් සමාජය තුළ ඔවුන් ලැබුවා වූ පන්නරයයි. තණකොළ පඳුර කොතරම් හේතූන් මත විනාශයට පත් වූවත් එක් කුඩා වැහි පොදකින් ආයේ එම තණකොළ පඳුර ලියලා වැඩෙන්නේ යම් සේ ද මොවුන් ද එසේ දිවි ගමන තුළ ඉදිරියටම යති.
සමස්තයක් ලෙස ගත් කල ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර පවත්නා විෂමතාවයේ සැබෑ යථාර්ථය අව්‍යාජ ඇසින් මැනවින් ගෙනහැර දක්වන පැදි පෙළක් ලෙස ආරියවංශ රණවීරයන්ගේ තුරු සෙනඟ සහ තණ පඳුර හැදින්වීම යුක්ති සහගතය.
(කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලය)
උසස් පෙළ විචාර ලයිස්තුව
>> පන්සිය පනස් ජාතක කතා පොත විචාරය 01
>> කුකුළු හැවිල්ල රසාස්වාදය 01
>> ඉගිළෙන සිහින කාව්‍ය රසාස්වාදය 01
>> මාර යුද්ධය නිසඳැස් කාව්‍ය රසාස්වාදය 01
>> වන්නියේ සැන්දෑව සාහිත්‍ය රසාස්වාදය 01
>> දේදුන්න පායාවි හෙටත් පාලම උඩින් රසාස්වාදය 01
>> ආදරණීය පාසල සාහිත්‍ය රසාස්වාදය 01
>> සද්ධර්මාලංකාරය (අතෘප්තිකර ආශාවන් නිසා පරිහානියට පත්වීම)
>> සද්ධර්මාලංකාරය ( පුද්ගල ජීවිතය තුළ ඇති හොඳ සහ නරක)
>>නවකතාව යනු කුමක්ද හා නවකතාවක අන්තර්ගත විය යුතු ලක්ෂණ
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 01
>>අනුරුද්ධ කුමාර කතා වස්තු විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 01
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 02
>>මට්ටකුණ්ඩලී කතා වස්තුව විචාරය 03
>>කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ පද්‍ය විචාරය 01
Comments